ඇල්ලට පැමිණි තරුණ කපල්වලට කරදර කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කල වැටලීකමදී ඇල්ල ප්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට විවිධ අපරාධ සිදු කල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදි එක් සැකකරුවෙක්, එක් තරුණ යුවළක් බිය ගන්වා තරුණිය කැලැ බද ප්‍රදේශයට රැගෙන ගොස් දූෂණය කර ඇති බවටද වාර්තා වන අතර තවත් තරුණ යුවළකගේ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුතු රන් ආභරණ පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන්, තමන් පොලිස් නිලධාරීන් ලෙස පවසා තවත් තරුණ යුවල් වලින් ජංගම දුරකතන සහ විවිධ දේපළ කොල්ලකා ඇති බවට මූලීක විමර්ශන වලදී අනාවරණය වි තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හාලිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් තුන සහ විසිඅට යන වයස් වල පසුවන්නන් දෙදෙනෙකු බව සදහන්.

සැකකරුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40