වතු ජනතාව නැවත පදිංචි කිරීම ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

දිට්වා සුළි කුණාටුවෙන් අහිමි වු මිනිස් ජීවිත සහ විනාශ වූ දේපොළ සඳහා වන්දි ගෙවීම, ව්‍යාපාර හානි ගෙවීම, නිවාස හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු විමසූ ජනාධිපතිවරයා නැවත පදිංචිකිරීම් සහ ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙන් වෙන්ව විමසා බැලුනා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ්, නිල්දණ්ඩාහින්න, කොත්මලේ බටහිර, තලවාකැලේ, වලපනේ, මතුරට, හඟුරන්කෙත, කොත්මලේ නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයේ පවුල් 18,266කට අයත් පුද්ගලයන් 61,833ක් පීඩාවට පත් වූ අතර වතු නිවස 675කට සහ ගම්මානවල නිවාස 1565කට පූර්ණ හානිත්, වතු නිවාස 612කට සහ ගම්මානවල නිවාස 153කට අර්ධ හානිත් සිදු වූ අතර ජීවිත හානි 93ක් වාර්තා වුණා.

එම ජනතාවට සහන සැලසීමට ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුවා.

නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන වතු ජනතාව පවතින වැසි සමයත් සමඟ ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඔවුන් නැවත පදිංචි කිරීම් සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ඒ, සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කිරීමේ කාර්යය කඩිනම් කරන ලෙසත්, එම ඉඩම්වල ස්ථීර නිවාස ඉදිකරන තුරු එම ස්ථානයේම කඩිනමින් තාවකාලික නිවසක් ඉදිකර දීමට පියවර ගන්නා ලෙසත් අදාළ අංශ වෙත උපදෙස් දෙනු ලැබුවා.

මෑතකාලීනව සිදු වූ විශාලතම ව්‍යසනයවන දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ ජන ජීවිතය සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේදී ව්‍යාකූල තත්ත්වයක් වුවද නිසි සැලසුම් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් ඒ මතින් සාර්ථකව පියමං කරමින් මූලික අදියරේ වැඩකටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කිරීමට හැකි වූ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමි වීමට නම් එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් විය යුතු බවත්, එබැවින් නැවත පදිංචි කිරීම් ඇතුළු දෙවන අදියරේ කටයුතු ද ඉතා කෙටිකලකින් සාර්ථකව අවසන් කිරීමට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් පැවසුවා.

එමෙන්ම පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය යළි රට තුළ ඇති නොවන අන්දමින් රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම රජය මත පැවරී තිබෙන බවත්, එහිදී ශක්තිමත් මූල්‍ය විනයක් මෙන්ම වැදගත් පරාමිතීන් තුළ කටයුතු කළ යුතුව ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දීමට රාජ්‍ය නිලධාරීන් උපරිමයෙන් කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34