ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා,

වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කළේ, වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් බවයි.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොණරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්.

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙමින් පවතිනවා.

වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතින අතර, අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03ක් අඩි 02 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 682ක ජල ප්‍රමාණයක් කිරිඳි ඔයාට මුදා හරිනවා.

එමෙන්ම දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 01 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 2800 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බවයි ඔහු සදහන් කළේ.

මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂයෙන් දැනුම් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23