ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැයි 15-20 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ යුරෝපයේ රටවල් පහක සංචාරයක් ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
මෝදි මැයි 15 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් පසුව නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවලට යාමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වනවා.
මෝදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික ගැටළු, විශේෂයෙන් බලශක්ති සහයෝගීතාව මෙන්ම “අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු” පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇතැයි ප්‍රකාශයේ සඳහන්.
මෙම සංචාරයේ යුරෝපීය අදියරේ අරමුණ වනුයේ මෙම වසර මුලදී එකඟ වූ ඉන්දියා-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුම අනුව යමින් මෙම රටවල් සමඟ ඉන්දියාවේ වෙළඳාම සහ ආයෝජන සබඳතා ගැඹුරු කිරීම බව ප්‍රකාශයේ සඳහන් වනවා.













