ගාල්ල පොලිස් වසමේ ගල්වඩුගොඩ සහ ශ්‍රී සුමේධ මාවත ප්‍රදේශවල දී ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීම් දෙකක් සිදුකර ලැගුම්හල් දෙකක් තුළ නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදුකිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 19ත් 35ත් අතර වයස්වල පසුවන පුද්ගලයින්.
සැකකරුවන් සන්තකයේ තිබී පරිගනක යන්ත්‍ර 58ක්, ජංගම දුරකථන 79ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1













