යුක්‍රේනය සමඟ යුද්ධය අවසන් වීමට ආසන්න බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
පුටින් ජනාධිපතිවරයා පවසන්නේ මොස්කව්හි දී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කරන බවයි.
කෙසේ වෙතත්, මොස්කව්වලින් පිටත සාකච්ඡා පැවැත්විය හැක්කේ දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීමෙන් පසුව පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සනිටුහන් කරමින් මොස්කව්හි පැවති හමුදා පෙළපාළියකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
කෙසේ වෙතත් යුක්‍රේනයට ලැබුණු බටහිර සහයෝගය පුටින් හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර චීනය සමඟ සබඳතා ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ජනාධිපති පුටින් සඳහන් කළා.
රුසියාව සහ චීනය අතර වෙළඳාම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත්, අධි තාක්‍ෂණික කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.













