Astra වෙතින් Mother’s Day සැමරීමට හදවතට දැණුනු උත්සවයක්

ශ්‍රී ලාංකික පවුල්වල මුළුතැන්ගෙයි අමතක නොවන නාමයක් වන Astra, මෙවර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ සංවේදී වැඩසටහනක් හඳුන්වා දී තිබුණා.

“My Best Chef, My Amma” නමින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී වැඩසටහන හරහා ළමයින් 5,700කට අධික පිරිසක් තම මව්වරුන් වෙනුවෙන් යොමු කළ ආදරණීය පණිවිඩ, පුද්ගලික ගීත බවට පත් කර ඔවුන්ට තිළිණ කිරීමට Astra කටයුතු කර තිබෙනවා.

වසර 60ක් පුරා ශ්‍රී ලාංකික අම්මාවරුන්ගේ ආහාර සකස් කිරීමේ මතකයන් සමඟ බැඳී සිටින Astra, මෙම අවස්ථාව හරහා තමන් මෙතෙක් දුර ආ ගමන සැමරීමට වඩා අම්මාවරුන්ට ගෞරවයක් දැක්වීම ප්‍රධාන අරමුණ කරගෙන තිබෙනවා.

පවුල වෙනුවෙන් නිහඬව කැපවන අම්මාගේ ආදරය, රසවත් ආහාර මතක සහ පවුල් බැඳීම් මෙම වැඩසටහනේ මූලික තේමාවයි.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට වෙළඳ සන්නාමයක් විසින් ජනතාවගේ සැබෑ හැඟීම් සහ මතක AI තාක්ෂණය භාවිතයෙන් ගීත බවට පරිවර්තනය කිරීමද මෙම වැඩසටහනේ විශේෂත්වයකි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබුණු පණිවිඩ 5,726ක් මව්වරුන්ට කැපවූ අනන්‍ය ගීත ලෙස නිර්මාණය කර තිබෙනවා.

මෙම ගීත මව්වරුන්ට පිරිනැමීම වෙනුවෙන් සංවිධානය කරන “Astra’s Amma – Live in Concert” ප්‍රසංගය 2026 මැයි 9 වනදා ගෝල්ෆේස් ග්‍රීන් පරිශ්‍රයේදී පැවැත්විය. දිවයින පුරා පවුල් එක්වන මෙම සංගීතමය සැමරුම, Mother’s Day වෙනුවෙන් සංවිධානය වන දැවැන්තම උත්සවයක් ලෙසද සැලකෙනවා.

ප්‍රසංගයේදී රිද්ම වීරවර්ධන, සංඛ දිනෙත්, සුනීර සුමංග, ෆැලන් ඇන්ඩ්‍රියා, ආදිත්‍යා වැලිවත්ත, සියුමිනි ඔපයංගි, ප්‍රනීශ ත්‍යාගරාජ් සහ රවීන් කනිෂ්ක ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් ගීත ගායනයෙන් එක්වීමට නියමිත අතර, Band Knights සංගීත කණ්ඩායම සංගීතයෙන් දායක වනවා.

දශක හයක් පුරා අම්මා වෙනුවෙන් නිර්මාණය වූ ජනප්‍රිය ගීත රැසක්ද එහිදී ප්‍රේක්ෂකයින්ට රසවිදීමට අවස්ථාව හිමි වුණා.

එමෙන්ම “Astra Food Street” නමින් විශේෂ ආහාර කලාපයක්ද මෙම අවස්ථාවට එක්කර තිබුණු අතර, අම්මාගේ අතින් ලැබුණු ගෙදර රසය සහ ආදරණීය ආහාර මතක නැවත සිහිගන්වන අත්දැකීමක් එහිදී ලබා දීමට පැමිණ සිටි අයට අවස්ථාව හිමිවුණා.

Astra පවසන්නේ, “My Best Chef, My Amma” යනු සාමාන්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් නොව, ශ්‍රී ලාංකික මව්වරුන්ට රටක්ම එක්වී කරන ගෞරව දැක්වීමක් බවයි. තාක්ෂණය, සංගීතය සහ සංවේදී මතක එකට එක්කරමින් නිර්මාණය වූ මෙම වැඩසටහන, අම්මාගේ ආදරය වෙනුවෙන් නිර්මාණය වූ අමතක නොවන ජාතික මොහොතක් බවට පත්වනු ඇතැයිද ඔවුන් විශ්වාසය පළ කරයි.

WhatsApp Image 2026 05 09 at 7.28.05 PM
WhatsApp Image 2026 05 09 at 7.28.05 PM 1
WhatsApp Image 2026 05 09 at 7.06.33 PM 1
WhatsApp Image 2026 05 09 at 7.06.32 PM
WhatsApp Image 2026 05 09 at 7.06.26 PM 1
WhatsApp Image 2026 05 09 at 7.06.25 PM
WhatsApp Image 2026 05 09 at 7.06.25 PM 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38