වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද(8) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

වැලිගම ප්‍රදේශිය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ අද (8) අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්