වියට්නාම් ජනාධිපතිවරයාට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අද (08) පෙරවරුවේ පැවැත් වුණා.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වනවා.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා, පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වුණා.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව වියට්නාම් – ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතයෝ හඳුන්වා දීම සිදු වුණා.

දෙරටේ නායකයින් දෙපළ මෙහිදී නිල ඡායාරූපයකට ද පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42