ලෝකෙන්ම තුන්වෙනි තැනට පැමිණි චමරි අතපත්තු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමවල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා.

ඒ අනුව ඇය මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල 03 වන ස්ථානයේ පසුවනවා.