මාලදිවයින් ජනපතිගෙන් ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනාවක්

මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අද (05) පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළෙඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියා.

මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සඳහන් කළේ අඩසියවසකට වඩා වැඩි දෙරටේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතාව සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාම අපේක්ෂාව බවයි.

මාලදිවයින “ඉදිරියට යමින් සිටින ජාතියක්” බවත්, සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසාර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ අරමුණ බවත් පෙන්වා දුන් ජනාධිපති මොහොමඩ් මුයිසු තම රටෙහි සංවර්ධන ප්‍රවේශය ජනතා කේන්ද්‍රීය, තාක්ෂණය මගින් බලගන්වන සහ පාරිසරික සුරක්ෂිතතාව මත පදනම් වූ එකක් බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව මාලදිවයිනේ අසල්වැසියා පමණක් නොව, අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බව මාලදිවයින් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මාලදිවයින් ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන අතර, දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයට ඉතා වැදගත් බව ඔහු සඳහන් කළා.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ කුසලතා මාලදිවයිනේ අනාගත ගමනට මහත් ශක්තියක් වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගී එන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වන බවත්, ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය මින් තහවුරු වන බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති මුයිසු, යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී ප්‍රකාශ කළා.

2025 වසර අගභාගයේදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව සහ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික සංචාරක පැමිණීම 2025 වසරේදී වාර්තා කළ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරනු ලැබුවා.

විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින් රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක සහෝදරත්වයේ පරිත්‍යාගය දෙරටේ නොසැලෙන මිත්‍රත්වයට කදිම නිදසුනක් බව අග්‍රාමාත්‍යවරිය කෘතඥ පූර්වකව සිහිපත් කළා.

2025 වසරේදී දෙරට අතර පැවති වෙළෙඳ පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 137ක් වුවද, එය සැබෑ විභවයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. මාලදිවයිනේ සංචාරක සහ ආගන්තුක සත්කාර අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල 20,000කට අධික ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් දැනට සේවය කරමින් එරට ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනු ලැබුවා.

ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවත් දකුණු ආසියාවේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයින්ට විශිෂ්ට අවස්ථා පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තිරසාර ‘නිල් ආර්ථික’ ව්‍යාපෘති සහ ඩිජිටල් නවෝත්පාදන ආදී හවුල්කාරීත්වයන් මගින් දෙරටේම ජනතාවට සෞභාග්‍යය උදාකර දීම ශ්‍රී ලංකා රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමාගේ දැක්ම යටතේ මාලදිවයින හුදු සංචාරක ගමනාන්තයකින් ඔබ්බට ගිය, අනාගතයට සූදානම් විවිධාංගීකරණය වූ ආර්ථිකයක් කරා ගමන් කරමින් තිබෙන බව මාලදිවයිනේ ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළෙඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් පෙන්වා දුන්නා.

එසේම, ඉන්දියන් සාගරයේ වෙළඳාම, ප්‍රාග්ධනය සහ නවෝත්පාදන සම්බන්ධ කරන උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් ලෙස මාලදිවයින ස්ථානගත කිරීම මාලදිවයින් රජයේ අභිලාෂය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ගෝලීය සැපයුම් දාම ප්‍රතිසංවිධානය කිරීම, ඩිජිටල් පරිවර්තනය, තිරසාරභාවය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව යන කරුණු මත උපායමාර්ගික වශයෙන් දෙරටට සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල විභවතාවක් පවතින බවත්, විශේෂයෙන්ම ඩිජිටල් සේවා, පුනර්ජනනීය බලශක්තිය සහ මූල්‍ය සේවා යන අංශ ඔස්සේ දෙරට අතර පවතින වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, වඩාත් ගතික සහ ඔරොත්තු දෙන ආර්ථික හවුල්කාරිත්වයක් ගොඩනැගීමට කැප වන බවත් වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුද, මාලදිවයින් දූත පිරිස සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01