ගණේමුල්ල සංජීව එලොව යැවූ සිද්ධිය පිටුපස සිටි ප්‍රධාන සැලසුම්කරුවෙක් ගැන අධිකරණයට අනාවරණයක්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට අද (05) අවසර ලබා දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් ඇතුලු නිලධාරින් අධිකරණ නියෝග ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරින් මෙලෙස පවසා සිටියා.

“ස්වාමීනි, මෙම සිද්ධියේ රඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමරා කුමාරි අබේරත්න යන සැකකාරිය ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් ලෙස විමර්ශන අනාවරණය කර තිබෙනවා. ඇය විසින් මෙම ඝාතන සිද්ධිය මෙහෙයවා තිබෙනවා. මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ඇය බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා යැයි කී කොළඹ අපරාධ කොට්ඨාශය මේ වනවිට රඳවා ප්‍රශ්න කරන කෙසෙල්බද්දර පද්මේ ඇයව මෙහෙයවා ඇතැයිද කියා සිටියා.”

ඇය තමයි මේ ඝාතනයට පැමිණි වෙඩික්කරු වන පළමු සැකකරු සහ 15 වන සැකකාරියව ආරක්ෂිතව අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් තිබෙන්නේ යැයි කී කොළඹ අපරාධ කොට්ඨාශ සැකයක් නොවන ආකාරයට ඇය ඔවුන්ව රැගෙන විත් තිබෙනවා බවත් නිතිඥවරුන් ලෙස ඇතුලු වීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙන්නේ මේ සැකකාරිය යැයිද කියා පවසා සිටියා.

ඝාතනයට ගෙනා ගිනි අවිය නීති පොතක් තුළ බහා රැගනෙ ඒමට නිති පොත සකස් කර දී තිබෙන්නේද ඇයයි. පලමු සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී පොලිස් බාරයට ගත් නිතිඥ හැඳුනුම්පතේ සඳහන් අත්සන ඇය යොදා ඇති බවට අනාවරණය කර තිබෙනවා. ඇයගේ අත් අකුරු සම්බ්නධයෙන් විමර්ශන කිරිමට ආදර්ශ අත්සන පරීක්ෂා කිරිමට අවශ්‍ය බවත් කොළඹ අපරාධ කොට්ඨාශ අධීකරණයට දැනුම් දුන්නා.

එසේම පළමු සැකකරුත් කෙහේල්බද්දර පද්මේ එක්ව සබඳතා පවත්වලා. විවෘත අධිකරණයේ ප්‍රකාශ කර නොහැකි කරුණු අධිකරණය දැනුම් දීමට මෙම නඩුකරය නිළ මැදිරියේ කැඳවන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියා.

එසේම මෙම අපරාධය සිදු වන දින බුස්ස බන්ධනාගාරයේ සිට වැලිසරට යොමු කළ චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද යන අය කොළම මහාධිකරණ නඩුවක් සඳහා වැලිසර බන්ධනාගාරයට ගෙනවිත් තිබෙනවා. ඔහුගෙන් මෙම සිද්ධියට අදාළව ලබන ජුනි මස 7 වනදා ප්‍රකාශයක් ලබා ගැනිමට අවසර ලබා දෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නා.
තමරා කුමාරි අබේරත්න යන අය වෙනුවෙන් නිතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියා.

“මගේ සේවා දායිකාව මාස හයක් තිස්සේ රඳවා ප්‍රශ්න කළත් ඇයගෙන් ප්‍රකාශ දෙකක් පමණක් සටහන් කර තිබෙන්නේ. ඇය රඳවා තබාගෙන ඇයට බලවත් අසාධාරණයක් කර තිබෙනවා. එසේම ඇය ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කර නැහැ.
ඇයට අදාළව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවයක් කැදවන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා. “

ඒ අනුව ඉදිරි දින සැකකාරිය සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34