වැලිකඩ මහල් නිවාසයක රැඳී සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

රාජගිරිය, මැද වැලිකඩ පාර ප්‍රදේශයේ පිහිටි ස්ථානයක දී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන හා විගමන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතිකයින් අතර චීන, මැලේසියා, වියට්නාම, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය, මැඩගස්කර් වැනි රටවල අයවලුත් සිටිනවා.

ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පිරිස මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබාගෙන එහි නැවතී සිට නීති විරෝධී මූල්‍ය ජාවාරම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවන්ගෙන් පිරිසක් පලාගොස් ඇති අතර, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18