AFC Banner
Empty Ad
Empty Ad

අති භයානක ඉන්දීය ප්‍රභේදය කොළඹට ඇතුළු වෙයි

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන භයානක කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමු වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශල්‍ය ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

B.1.617.2 ඩෙල්ටා නමැති මෙම කොවිඩ් ප්‍රභේදය සැළකෙන්නේ අනෙකුත් ප්‍රභේදයන්ට වඩා බරපතළ හානි ගෙන දෙන්නක් ලෙසට යි.

මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පස් දෙනෙකු කොළඹින් හමුවූ බව ආචාර්ය ජීවන්දර සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B11 හෙවත් බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක වේගයකින් ව්‍යාප්ත වන බවත් ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?