Update – මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුව ගත් බව පොලිසිය පවසනවා.

අද (28) උදෑසන එම බන්ධනාගාර නියාමකවරයා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු ඊයේ (27) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (27) උදෑසන බන්ධනාගාරය තුළ දී රැඳවියන් දෙදෙනෙකු හා බන්ධනාගාර නියාමකවරයෙකු අතර ආරවුලක් සිදුව ඇති අතර, එහිදී තුවාල ලැබූඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී එක් රැඳවියෙකු මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39