විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීමේ නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව ඇමතිට

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දී තිබනවා.

විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16ක පමණ අදහස් ඇතුළත් එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට නියමිත බවයි අමාත්‍ය චන්දන අබේරත්න පැවසුවේ.

මෙම වාර්තාව සකස් කිරීමේ දී විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයින්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරකට හඳුනාගෙන තිබෙනවා.

එම ක්‍රියාවලිය ප්‍රධාන අංශ 04ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බවයි මෙම කමිටු සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න සඳහන් ක‍ළේ.

වසර ගණනාවක සිට සාකච්ඡාවට බඳුන් වූ මෙම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව 2025 දෙසැම්බර් මාසයේ දී මෙම කමිටුව පත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11