චන්දිමාල්ගේ විකෘති අවුරුදු උත්සවය ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක්

ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව අද (24) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය සම්බන්ධයෙන් ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම සංගමය පැවසුවේ, සිංහල අවුරුදු උත්සව චාරිත්‍ර වාරිත්‍රවලට සහ සංස්කෘතියට හානිවන ලෙස චන්දිමාල් ජයසිංහ නැමැති පුද්ගලයා පැවැත් වූ අවුරුදු උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

සමාජ මාධ්‍ය හරහා මෙම විකෘති සංස්කෘතික උත්සවය ප්‍රවර්ධනයවීම තුළ අවුරුදු සංස්කෘතියට විශාල හානියක් සිදුවන බවයි මෙහිදී එම කමිටුවේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම තමන් සිදුකළ විකෘති අවුරුදු උත්සවය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47