රුසියානු ඉන්ධන මිලදී ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කෙරේ

රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු බොර තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිල දී ගැනීමට මැයි 16 දක්වා අවසර ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ලබන බදාදා වන විට ඉරානය සමඟ කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් සටන් විරාමය ඇතැම් විට දීර්ඝ නොකරනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ, අනුව ඉරාන වරායන් සඳහා එක්සත් ජනපද අවහිර කිරීම දිගටම පවතිනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසන්නේ ඉරාන වරායන්ට ඇතුළු වීමට හෝ එම වරායන්වලින් පිටවීමට උත්සාහ ගත් නැව් 21ක් අවහිර කිරීමට ලක්කර බවයි.

අප්‍රේල් 13 වන දින ආරම්භ වූ මෙම අවහිර කිරීම, ඕනෑම රටක නැව් ඉලක්ක කර ගන්නා අතර, ඉරාන වරායන් සහ වෙරළබඩ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකක් ලාල්කාන්තගේ ගෙදරට අවුරුදු නෑගම් එයි..බංගලාව ආරක්ෂා කරන්න පොලිසියෙමුත් දාලා
12:44
Video thumbnail
29 හැවිරිදි තරුණයාට අත්වූ බිහිසුණු ඛේදවාචකය..අධික වේගය නිසා වෙච්ච විනාශයක්
01:00
Video thumbnail
අයතා ගණුදෙනුව විතරක් කෝටි 60ක් ? ලාල්කාන්ත ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
08:44
Video thumbnail
ලාල්කාන්ත වගේ සිටුවරු ආණ්ඩුවේ ගොඩක් ඉන්නවා..ජයශාන්ත අයියගෙන් ජීවත් වෙනවා කිව්ව එක බොරුවක්
01:58
Video thumbnail
ඇමති අස් වුණේ ජනපතිව බේරගන්න..මුජිබුර්ගෙන් සැර ප්‍රකාශයක්
04:09
Video thumbnail
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ දුම්‍ රිය ගමන්වාර ක්‍රියාත්මකවන අයුරු
03:10
Video thumbnail
නන්දන ගුණතිලක හිටියනම් අද තමයි ජීවිතයෙන් සමු ගන්නේ.."අයියගේ වියෝව අපිට සැක සහිතයි" නැගණිය කියයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට..මාසයකට ආසන්නව ටීම් එකක් විදියට Practice කළා
01:47
Video thumbnail
S.F. රාජු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට
00:33
Video thumbnail
"S.F. රාජු" විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට ගෙන එයි
00:56