අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙනවා.
ඒ, අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබන බවයි එම සංස්ථාව සඳහන් කළේ.
උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අද (18) මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණා.














Very good, God bless our government.