බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු පත් කරනු ලැබ තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා.

මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.

ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍යකරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙකු බවයි ජනාධිපති මාධ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, ආර්ථික පාලනය හා ජාතික සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් උපායමාර්ගික ප්‍රතිපත්ති මගපෙන්වීම් ලබා දී තිබෙනවා.

ලුනාව රෝමානු කතෝලික පාසලෙන් සහ මොරටුව උයන ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා, බ/කැප්පෙටිපොළ මහා විද්‍යාලයෙන් කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද, බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද සම්පූර්ණ කර තිබෙනවා.

ඔහු රුහුණ විශ්වවිද්‍යාලයෙන් (1994) භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. එසේම ජපානයේ IDEAS (Institute of Developing Economies Advanced School) වෙතින් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා තිබෙනවා.

ඔහුගේ රාජ්‍ය සේවා කාලය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සේවය කර තිබෙනවා.

ඊට අමතරව, ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) සැලසුම්කරණය හා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. තවද, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයෙහි (IHRA) පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා කොහොමත් හොරු..අමුතුවෙන් හොරකම් කරන්න නෑ..රාජිත සැරටම ආණ්ඩුවට කිව්ව කතාව
05:06
Video thumbnail
රටට වෙන හානියට ජනපති ඔයත් වගකිය යුතුයි - අජිත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
04:37
Video thumbnail
මං ඇමතිකම් දරලා තියෙනවා - ඔහොම චෝදනා නෑනේ..ලාල්කාන්තගේ තියෙන වත්කම් මටනම් නෑ
03:34
Video thumbnail
එකම විකල්පය සජිත් ප්‍රමුඛ සජබයේ අපි..රට භාරගන්න ඉන්නේ අපි..ආණ්ඩුව ගල් අඟුරු හොරුවෙලා දැන්
02:24
Video thumbnail
දවස ගානේ අණ්ඩුව කරපු මගඩි ටික එළියට එනවා..මුජිබුර් ලාල්කාන්තගේ වත්කම් ගැන කිව්ව දේ
03:14
Video thumbnail
රන්වලගේ - කුමාර ජයකොඩිගේ සිද්ධි මාධ්‍ය හමුවේ ගැටෙයි..ඒකයි මේකයි දෙකක් - ඔහු ඉවත් කළානේ
03:02
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන විජිත හෙළිකරයි..ඇමතිගේ සෘජු සම්බන්ධයකින් වංචාවක් වෙලා නෑ
05:03
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:05:13
Video thumbnail
ගල් අඟුරු ගේද්දි කිසිම වංචාවක් වුණේ නෑ..ගල් අඟුරු බාලයි තමයි..නිහතමානීව ජනතාවට දැනුම්දෙනවා
03:55
Video thumbnail
ජනතා ගසාකෑම වහගන්න කරපු නාටකයක ඉල්ලා අස්වීමක්.. ආනන්ද පාලිත හොඳම එකෙන් දෙයි
05:48