බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් ධීවරයෙක්ට දිවි අහිමි වෙයි

මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදු සීමාවේදී ඊයේ (15) ධීවර බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම, පේසාලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ බෝට්ටු පැදවූ අයගේ නොසැලකිල්ල මත බෝට්ටු දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවයි.

අනතුරින් වයස අවුරුදු 54 පේසාලෙයි ප්‍රදේශයේ පසිංචි ධීවරයෙකු මුහුදට වැටී ඇති අතර, අදාළ ධීවරයා එහිදි ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් ධීවරයින් දෙදෙනෙක් අනතුර හේතුවෙන් තුවාල ලබා ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මියගිය ධිවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයේ දී පැවැත්වීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම, පේසාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයෙවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !