ගිනි ගත් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ ඉන්ධන ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගැනේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මිශ්‍රවූ ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියා සිටියේ මෙම ක්‍රමවේදයට අනුව කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් මුහුදු ජලයට එක්වන ඉන්ධන හා අනිකුත් රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මෙසේ ද පැවසීය.

‘‘ඒ සඳහා බෝගල පතලේ මිනිරන් ලබාගෙන මිනිරන් ව්‍යුහය වෙනස් කොට පැතලි මෙට්ට ආකාරයෙන් සකසා මිනිරන් ග්‍රෑම් එකකට කාන්දු වී ඇති ඉන්ධන ග්‍රෑම් 120ක් පමණ උරාගත හැකි ආකරයට එම ක්‍රමවේදය සකසා තිබේ. මේ නවතම ක්‍රමවේදයට අනුව මුහුදට කාන්දු වී ඇති ඉන්ධන එක්රැස් කොට එම ඉන්ධන නැවතත් භාවිතයට ගත හැකි වීමද විශේෂත්වයකි.

ලෝකයේ කිසිම රටක මේ දක්වා ක්‍රියාත්මක කොට නැති මෙම ක්‍රමවේදයට අදාළ පේටන්ට් බලපත්‍රය පවා අප ලබාගෙන තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය, බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමග එක්ව තමයි මේ ඉන්ධන ඉවත් කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නේ. තවද මේ නැවේ ඉන්ධන විශාල ප්‍රමාණයක් ගබඩා කොට තිබෙනවා. මෙම ගබඩා කොට ඇති ඉන්ධන තොගය ඒ නැවෙන් වෙනත් නැවකට කාන්දු නොවී බැහැර කිරීම සම්බන්ධයෙන් ද අප මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒ සඳහා අපට සහාය වීම සඳහා ඇමරිකාවෙන් විශේෂඥයෙක් ලංකාවට පැමිණ සිටිනවා. එම විශේෂඥයා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා එක්ව එම ඉන්ධන තොගය තවත් නැවකට ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පර්යේෂණ මේ වන විට කරමින් සිටිනවා.

මේ කටයුත්ත සඳහා මහාචාර්ය අමරසේන පිටවල, මහාචාර්ය ජී.ආර්. කුමාර හා මම එක්ව විශේෂ පර්යේෂණ කිහිපයක් කළා. එමගින් සාර්ථක විසඳුම් ලැබුණා. මේ නවීනතම ක්‍රමවේදය සඳහා පේටන්ට් බලපත්‍රය ලැබී තිබෙන්නේත් අප තිදෙනාටයි. මේ සඳහා භාවිත කරන විශේෂිත අමුද්‍රව්‍ය මිනිරන් බෝගල පතල මගින් නොමිලේ ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. පතලේ භාවිතයට නොගන්නා මිනිරන් තමයි අපි මේ සඳහා උපයෝගී කර ගන්නේ. ඉතාමත් ඉක්මනින් ඉන්ධන ඉවත් කිරීම ආරම්භ කිරීමට අප අදහස් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00