විදෙස් දුම්වැටි කාටූන් 155ක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායක දී අල්ලයි

රුපියල් හතලිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (14) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 42 හැවිරිදි වියේ පසුවන හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

මොහු අද අලුයම 12.52ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 31,000ක් අඩංගු දුම්වැටි කාටූන් 155 ක් සගවා ගෙන තිබෙනවා.

මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත් වූ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්, මොහු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි සියල්ල රාජසන්තක කර , ඔහුට රුපියල් 155,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

  1. මේවා අල්ලන එක ගොඩාක් හොදයි හැබැයි ඊට පසු මේවාට මොකද වෙන්නේ කියලත් මහජනයාට පෙන්නුවානම් ගොඩාක් හොදයි නේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20