බාර් එක ළඟ ගැටුමකින් පුද්ගලයෙක් මරු දකී

මතුරට පොලිස් වසමේ මානකොළ ප්‍රදේශයේ මත්පැන්හලක් අසල ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ මානකොළ, ඒළමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් අනෙක් පුද්ගලයා විසින් මෙම පුද්ගලයාට ලෑලි පටියකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 31ක ඒළමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුරට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !