කොටුව බස් ස්ටෑන්ඩ් එකේ දේපළවලට හානි කළ පුද්ගලයා අල්ලයි

කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුව ගත බව පොලිසිය පවසනවා.

පසුගිය 08 වනදා නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අනර්ථය සිදුකර ඇති බවට පිටකොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව ආරම්භ කළ විමර්ශනවල දී ඊයේ (11) එම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපළවලින් කොටසක් ද සමඟ කැළණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 33 ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුව ඇති අනර්ථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක් සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51