ඉරාන – ඇමරිකා සාම සාකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන්

ඇමරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසනවා.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැය 12කට අධික කාලයක් දෙපාර්ශ්වය අතර පැවති සාම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු උප ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඇමරිකා එක්සත් ජනපදය මෙම සාකච්ඡාවලට නම්‍යශීලී සහ හොඳ විශ්වාසයකින් පැමිණි බව වැන්ස් තවදුරටත් පවසා සිටියා.

නමුත් දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම අවාසනාවන්ත කාරණයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බව සඳහන් කළ උප ජනාධිපති වැන්ස් පවසන්නේ “අපි දැන් පැය 21 ක් තිස්සේ එහි සිටියා නමුත්, නරක ආරංචිය නම් අපි එකඟතාවයකට පැමිණ නැති බවයි”.

ඒ, අනුව ඔහු පවසන්නේ එක්සත් ජනපදය දැන් පාකිස්ථානයෙන් පිටව යාමට සැලසුම් කරන බවයි.

මේ අතර මෙම සාම සාකච්ඡා වෙනුවෙන් පාකිස්ථානය දැක්වූ මැදිහත්වීමට ඔහු ඔහු පාකිස්ථාන අගමැති සහ ෆීල්ඩ් මාර්ෂල් මුනීර් වෙත තම කෘතඥතාව පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46