සාම සාකච්ඡා වෙනුවෙන් පාකිස්ථාන වෙත පැමිණ සිටින ඉරාන දූත පිරිස පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරැ වාර්තා කරනවා.
අද (11)පස්වරුවේ ඉරාන දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉරාන දූත පිරිස ඊයේ රාත්‍රියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණි අතර, එහිදී ඔවුන් පාකිස්ථාන හමුදා ප්‍රධානියා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වුණා.
මේ අතර සාම සාකච්ඡා වෙනුවෙන් එක්වන ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු දූත පිරිස ඉස්ලාමාබාද් වෙත අද (11) දහවල් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම සාම සාකච්ඡා වෙනුවෙන් ඇමරිකානු පාර්ශවයෙන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සමඟ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සහභාගී වීමට නියමිතයි.













