රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුනට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි සමස්ත ප්‍රමාණය වන රෙදි මීටර් මිලියන 11.484 ක් ප්‍රදානයක් ලෙස මහජන චීන සමූහාණ්ඩුව මගින් ලබා දෙනු ලැබුවා.
ඒ අනුව එම සමස්ත රෙදි ප්‍රමාණය සිසුන් 4,418,404 ක් සඳහා මේ වන විට සියලුම නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













