කොටුව බස් ස්ටෑන්ඩ් එක රැකගන්න ලංගම ඔබෙන් සහාය ඉල්ලයි

ප්‍රතිසංස්කරණය කිරීමන් අනතුරුව පෙරේදා (08) දිනයේ විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පිරිසිදුව පවත්වා ගැනීමට සහ පොදු දේපළ ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දැඩි වෙහෙසකින් සහ විශාල පිරිවැයක් දරමින් නවීකරණය කළ මෙම බස් නැවතුම්පොළ විවෘත කර ඇත්තේ මහජනතාවට වඩා හොඳ ගමන් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

ප්‍රතිසංස්කරණය කරන ලද පරිශ්‍රයේ වාර්තා වී ඇති ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරන අනිසි භාවිතය සහ කසළ බැහැර කිරීමේ සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කණස්සල්ල පළකර තිබෙනවා.

කසළ දැමීමට නම් කරන ලද බඳුන් භාවිතයෙන් වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කරන ලෙස සහ බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ පිරිසිදුකම පවත්වා ගැනීමට සහාය වන ලෙසත් එම මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ආසන, බිත්ති සහ මහජන භාවිතය සඳහා සපයා ඇති අනෙකුත් පහසුකම්වලට හානි කිරීමෙන් වැළකී සිටින ලෙසත් මගීන්ට දැනුම් දෙනවා.

මෙය අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කළ යුතු ජාතික වත්කමක් බව මණ්ඩලය මහජනතාවට තවදුරටත් සිහිපත් කරන අතර, වගකීමෙන් කටයුතු කර එය ආරක්ෂා කිරීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18