අවුරුදු සමයේ බීමත් රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව දැනුම්දීමක්

අවුරුදු සමයේ බීමත් රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර පවසනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කියා සිටියේ අද (08) පොලිස් මාධ්‍ය කොට්ඨාශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීම වැනි කාරණාවන් හේතුවෙන් ඇති විය හැකි රථ වාහන තදබදය අවම කර ගැනීමට, විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted