කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවූ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
නෝර්වුඩ්, බගවන්තලාව, මකෙළිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පාලමට පහළින් කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේ.
එම සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර සිරුර සම්බන්ධනයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1













