ගවයින් සොයා කැලයට ගිය තිදරු පියෙක් බඳින තුවක්කුවක් පත්තු වී ජීවිතක්ෂයට

අනුරාධපුර, ඔයාමඩුව පොලිස් වසමේ එළියඔයාමඩුව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ දී ඊයේ (06) රාත්‍රියේදී අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් එම ප්‍රදේශයම පදිංචි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නවෝදාගම, ඇලෙයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 53ක් වයසැති පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා ඊයේ (06) පස්වරුවේ තම කිරිගවයින් සොයා මෙම රක්ෂිතයට තවත් දෙදෙනෙක් සමග පැමිණ ඇති අතර එම රක්ෂිතය තුළ ගවයින් සොයා යමින් සිටියදී සතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් ක්‍රියාත්මකවී ඔහුගේ පාදයට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු සමග ගිය අනිත් පුද්ගලයින් දෙදෙනා ඔහුව රැගෙන රක්ෂිතයේ සිට පිටතට පැමිණ ඇති අතර රාත්‍රී අටට පමණ මෙම සිදුවීම සිදුව ඈති නිසා රක්ෂිතයේ සිට ආසන්න ගම්මානයකට පැමිණීමට පැය දෙකකට වැඩි කාලයක් ගතව තිබෙනවා.

පසුව 1990 හදිසි ගිලන් රථ ඇමතුමට දැනුම් දී ඇති අතර ගිලන් රථය එහි පැමිනෙණ විටත් තුවාලකරු මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයේ නියෝග පරිදි දේහය පිළිබද පස්චාත් මරණ පරීක්ෂනය සදහා අනුරාධපුර ශික්ෂන රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවා.

සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ඔයාමඩුව පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57