සීදූවේ ගණිකා නිවාසයක් වටලයි – කළමනාකරු සහ කතුන් හතක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් සීදූව නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

සීදූව පොලිසිය විසින් ඊයේ (05) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම වැටලීමේ දී එම ගණිකා නිවාසයේ කළමණාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කළමනාකරු වයස අවුරුදු 46ක බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකාර කාන්තාවන්
අවුරුදු 22 හා 39 යන වයස්වල පසුවන අයවලුන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් කඳාන, ගම්පහ, ගිනිගත්හේන, මාතලේ, කුරුණෑගල, බදුල්ල සහ නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන්.

සීදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !