ඉරානය බිම හෙළූ ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි සහායක නිලධාරියා බේරාගනී

ඉරාන ආරක්ෂක අංශ විසින් උඩු ගුවනේ දී බිම හෙළන ලද ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි දෙවන නිලධාරියා සොයා ගෙන ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුව ගලවා ගැනීමේ ක්‍රියාවලියේ දී එක්සත් ජනපද සහ ඉරාන හමුදා අතර ගැටුමක් ඇති වූ බවත්, බේරාගත් නිලධාරියා අනතුරින් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පැය කිහිපය තුළ, එක්සත් ජනපද හමුදාව එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම නිර්භීත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සිට Truth Social සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

අතුරුදහන්ව සිටි ඇමරිකානු නිලධාරියා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ඔහු ආරක්ෂිතව පසුවන බවත් ට්‍රම්ප් පවසනවා.

දකුණු ඉරානයට ඉහළ අහසේ දී ඉරාන ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇමරිකානු F-15 ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළා තිබුණේ පසුගිය සිකුරාදා දිනයේ දීයි.

මෙහිදී කඩා වැටුණු යානයේ සිටි ගුවන් නියමුවාට නිරුපදිතව දිවි බේරාගැනීමට හැකි වූ අතර, යානයේ සිටි සහායක නිලධාරියා අතුරුදහන් බවට තොරතුරු වාර්තා වුණේ.

ඔහු ජිවත්ව සිටින බවට තහවුරු කරගත් ඇමරිකානු ආරක්ෂක අංශ ඔහුව සොයාගැනීමට විශේෂ මෙහෙයුමක් සිකුරාදා දිනයේම ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
7
+1
3
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41