පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු අද (04) දින මධ්‍යහ්න 12.00ට අවසන් කෙරුණා.
ඒ අනුව මෙවර එම පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙක් පත්වීම් සඳහා අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එනම් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අතරින් තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
2
+1
1
+1
+1
+1













