චෙන්නායි සුපර් කිංග්ස් පරාජය කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට දඬුවමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහභාගී වූ දෙවන තරගයෙනුත් පරාජයට පත්වන්නට සිදු වුණා.

චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී ඊයේ (03) පැවති මෙම තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් ජයගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර මෙම තරගයේ දී අයි.පී.එල් චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පන්ජාබ් කිංග්ස් නායක ශ්‍රෙයාස් අයියර්ට දඬුවම් පනවන්නට කටයුතු කර තිබෙනවා.

ඒ, මෙම තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.

ශ්‍රෙයාස් අයියර් මෙම වරදට අඛණ්ඩව දඬුවම් ලැබූ දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර ගුජරාට් ටයිටන්ස්ට එරෙහි තරගයේ දී ද මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ඔහුට දඬුවම් නියම කෙරුණා.

ඊයේ චෙන්නායි කණ්ඩායම පැවති තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් සහ එකම වරද දෙවරක් සිදු කිරීම හේතුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩයක් ශ්‍රෙයාස් අයියර්ගෙන් අයකර ගනු ලැබුවා.

ඊට අමතරව ඊයේ තරග සඳහා ක්‍රීඩා කළ ඉම්පැක්ට් ප්ලේයර් ඇතුළු පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද, එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් ලක්ෂ හයක් හෝ ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 25ක් දඩ ලෙස අයකර ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13