විද්‍යාපීඨ ප්‍රමිතිය නගාසිටුවීම සඳහා කමිටුවක් පත් කෙරේ

රජයේ අපේක්ෂිත අධ්‍යාපන පරිවර්තන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවකින් සහ නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රමිතිය නගාසිටුවීම සඳහා පත්කළ නව විද්වත් කමිටුවේ සාමාජිකයින් සමග ඊයේ (02) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ සභාපතිත්වයෙන් රැස්වෙන මෙම කමිටුව, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්ගේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන්, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන අයගේ සාමාජිකත්වයෙන් යුක්තයි.

රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි යටිතල පහසුකම් ඇතුළු සිසු සුබසාධනය වර්ධනය කරමින් එහි පාලන කටයුතු, තිරසාරභාවය, ඉගෙනුම් පරිසරය හා ඇගයීම් ක්‍රමවේදය, ආචාර්යවරුන් සහ සිසුන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය වැනි සාධක වැඩිදියුණු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පාසල් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය ගුරුවරුන් බිහි කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අතිශය වැදගත් මෙහෙවරක් ඉටු කරන බවයි. එබැවින් ඉහළ පෙළේ ගුරුවරුන් බිහි කරන ස්ථානයක් බවට එම ආයතනයන් අනාගතයේදී පත් කිරීම සඳහා විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් මෙම පත් කරන ලද කමිටුව විසින් සිදු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නා.

තවද මේ සඳහා අවබෝධයක් ලබා ගැනීම සඳහා කමිටු සාමාජිකයින් විසින් සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් නිරීක්ෂණය කළ යුතු බව කී අග්‍රාමාත්‍යවරිය, එම නිරීක්ෂණ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම ද සිදු කළා.

මේ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42