සම්බා සහ කීරි සම්බා හිඟයට විකල්ප සහල් ආනයනයට අදාළ ගැසට්ටුව නිකුත්වෙයි

වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහාවන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා සහ කීරි/පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් මෙට්‍රික්ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට මෙම සතියේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ, සමඟ ඕනෑම ආනයනකරුවෙකුට අප්‍රේල් පළමුවනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලසීමාව තුළ සහල් ආනයනය කිරීමටත් එම සහල් තොග මැයි මස 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

ආනයනය කරන එම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්, ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේන් නිදහස් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මඟින් අනුමැතිය හිමිව තිබෙනවා.

  1. Ponna Wesige Puthala

    API EKA HAAL ATAYAK RATIN GENNA KIWWE

    HAAL GEENNANAN GOVERMENT EKAK MOKADATA

    EHEMAI MU 68 LAKSH RAWATTUWE

    PONNAYO

    THO KAWADA YAKO OYA RAWATTANNE?

    THOTA JANMAYAK JAATHIYAK NATHIBAWA API DANNAWA