මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් – අප්‍රේල් 20 පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම්

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (01) පැවැත් වුණා.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පසුගිය රැස්වීමේ දී ගනුලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමසා බැලුවා.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වීම සහ එහි ප්‍රගතිය මෙහිදී විශේෂ අවධානයට ලක් වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් 42% ක ඉතිරියක් කර ඇති අතර, විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙන බව මෙහිදී අනාවරණය වුණා.

අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත බවත්, විශ්වවිද්‍යාල හැකි ඇතැම් අවස්ථාවන්හි දී මාර්ගගතව ක්‍රියාත්මක වන බවත් මෙහි දී අනාවරණය කෙරුණා.

ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කර තිබූ ආකාරයට පැවැත් වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාශය දැනුම් දුන් අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික, අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් ගෙන්වාගෙන සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව සඳහන් කෙරුණා.

රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ බලශක්ති කළමනාකරණය අධීක්ෂණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉතිරි කර ඇති බලශක්ති ප්‍රමාණය මීළඟ කමිටු රැස්වීමට වාර්තා කිරීමට ද තීරණය වුණා.

මේ අතර, ජල පරිභෝජනය අපතේ යාම වළක්වා ගැනීම සහ විකල්ප ජල මූලාශ්‍ර භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා වුණා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් එය ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මාර්ගෝපදේශයට අනුව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට සහ අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

තවද, දෛනික බලශක්ති පරිභෝජනය, සංචිත ප්‍රමාණය, රාජ්‍ය සේවක පැමිණීම ආදිය Dashboard එකක් ඔස්සේ ප්‍රදර්ශනය කරමින් අදාළ කටයුතු අධීක්ෂණය කිරීමට සහ තීරණ ගැනීමටද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මෙම කමිටුව 2026 අප්‍රේල් 08 වනදා නැවත රැස්වීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා ගිහින් ආණ්ඩුවට උදව් කරන්න - රනිල් සජිත්ගේ මුහුණටම කියයි
06:42
Video thumbnail
මෙහෙම කරන්න කියලා සජිත්ගෙන් ඉල්ලීමක් කළේ නාමල් රාජපක්ෂ
01:20
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් යනවා - ආවෙත් කැමැත්තෙන් නෙමෙයි
02:01
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46