කොතළ හිඹුටු තොගයක් මෙරටින් පන්නන්න හැදූ චීන ජාතිකයෙක් මාට්ටු

ලෝකයේ ජනප්‍රිය ශ්‍රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම්, භාවිතා කරමින්, කොතළ හිඹුටු තොගයක් (Salacia Reticulata) නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ එරට වැසියෙක්, අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 46 හැවිරිදි වියේ පසුවන, මෙරට තුළ සංචාරයේ නිරත වූ චීන ජාතිකයෙක්.

ඔහු අද (31) දින අලුයම 01.40 ට චීනයේ කුංමිං නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ , කැබළි ලෙස සකස් කර , ශ්‍රී ලංකා තේ සන්නාමය සහිත ඇසුරුම් තුළ, මෙම කොතළ හිඹුටු කිලෝ ග්‍රෑම් 21 ක ප්‍රමාණය අසුරා සගවා ගෙන තිබුණා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධ්විධාන යටතේ , කොතළ හිඹුටු ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයක්.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27