වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට – නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය විවෘත වෙයි

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හඳුන්වාදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (31) සිදු කළා.

ඒ, අනුව එම නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය එළිදැක්වීම සිදු කෙරුනේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදීයි.

හෙට (01) සිට ආරම්භ වන මෙම ක්‍රමවේදය හරහා මින් ඉදිරියට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇති.

දූෂණ විරෝධී පනත මඟින් ඇති කළ ශත්තිමත් නෛතික රාමුව ප්‍රායෝගිකව බල ගැන්වීමේ එක් සුවිශේෂි තාක්ෂණික අවශ්‍යතාවක් සපුරාලමින් මෙම පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන අතර, අල්ලස් කොමිසම පවසන්නේ මෙය දූෂණ මර්දන කර්ත්‍යවයට නවීනත්වය, ස්වාධීනත්වය සහ කාර්යක්ෂමත්වය එක් කිරීමක් බවයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුවූයේ මුද්‍රිත ආකෘතියක් අතින් සම්පූර්ණ කිරීමක් ලෙසයි.

මෙලෙස ඩිජිටල් කරණයට ලක්‍ කර ඇති මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය මඟින් සාවද්‍ය ආකාරයෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්වයන් හඳුනාගැනීම සඳහා සත්‍යායන පහසුකම් ද සලසමින් නව පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11