කැරම්- දාම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි

2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙක් නඩුවෙන් නිදහස් කෙරුණා.

ඒ අනුව මෙම නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිව නිදහස් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194 වන වගන්තිය යටතේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් මත ඔහුව නඩුවෙන් මුදා හැරීමට අධිකරණය තීන්දු කළා.

මෙම වගන්තිය මගින් නීතිපතිවරයාට හිමිවන විශේෂ බලය වන්නේ, නඩුවක ඕනෑම අවස්ථාවක යම් විත්තිකරුවෙක්ට එරෙහිව ඇති චෝදනා පවත්වාගෙන නොයෑමට (Nolle Prosequi) තීරණය කිරීමයි.

මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවලදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් දිගින් දිගටම අවධාරණය කළේ මෙම වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනාම එකසේ වගකිව යුතු බවයි.

විශේෂයෙන් තෙවැනි විත්තිකරුගේ සහාය නොතිබෙන්නට මෙය අනෙක් විත්තිකරුවන්ට තනිව සිදුකළ නොහැකි බවත්, එබැවින් තිදෙනාටම එරෙහිව නඩුව පවත්වාගෙන යා යුතු බව ඔහුගේ ස්ථාවරය වුණා.

නමුත් මාර්තු 30 වනදා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයට පැමිණ නොසිටි අතර ඒ වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණාරත්න නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත්ව සිටියා.

කෙසේ වෙතත් ඇය මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් නන්ද මල්ලවාරච්චි නිදහස් කිරීමට අදාළ ඉල්ලීම ඉදිරිපත් කළා.

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට ඉදිරියටත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම නඩුවට අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණාරත්න මෙහෙයවීමට නියමිතයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් පසුගිය සමයේ ප්‍රසිද්ධ වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා වැඩිම ලකුණු ලබා සිටියද, ඔහුට එම පත්වීම හිමි නොවී රංග දිසානායක පත් කිරීමත් සමඟයි.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාලව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය මුළුමනින්ම වෙනස් වීමත් පිටුපස කිසියම් “අදිසි හස්තයක්” ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව මේ වන විට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තුළද සැකසංකා මතු වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිගනිමින් තෙවැනි විත්තිකරු නඩුවෙන් ඉවත් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194.1 යටතේ තෙවැනි විත්තිකරු නඩුවෙන් ඉවත් කිරීමට අවසර දුන්නත් එය නිදොස් කර නිදහස් කිරීමක් නොවන බවද අවධාරණය කර තිබෙනවා.

තවද මූලික විරෝධතා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා පෙන්වාදී ඇත්තේ අල්ලස් කොමිසම මීට පෙර නඩු පවරා තිබුණේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වුවද, නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 170 වන වගන්තිය යටතේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් බවයි.

මෙම චෝදනාවල සංඝටක එකිනෙකට වෙනස් බැවින්, එක් නඩුවකින් දඬුවම් ලැබීම අනෙක් නඩුව පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව පවසමින් විනිසුරුවරයා, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළා.

මෙම නඩුව ජූනි මස 26 වනදා නැවත කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
15
+1
3
+1
1
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27