විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ බත්, කොත්තු, රයිස් ඇතුළු කෑමවල මිලත් ඉහළට

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමඟ සියලුම ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක සහ මිල රුපියල් 30කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, කෙටි ආහාර රුපියල් 10 කින් මිල ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම බිත්තර රොටී සහ පරාටා මිල ද රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව කිරි තේ සහ ප්ලේන්ටියක මිල ද රුපියල් 05 කින් ඉහළ දමන බවයි එම සංගමය පවන්නේ.

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අමතරව හාල්, පොල්තෙල්, කුකුළු මස්, කුළුබඩු, මාගරින්, පොල් වැනි අමුද්‍රව්‍යවල මිල ගණන් ද සති දෙකක කාලයක් තුළ දී ඉහළ යාම මෙලෙස ආහාරපානවල මිල ගණන ඉහළ දැමීමට හේතුවක් වන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16