රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශවික දේශපාලන උපදේශන සැසියට සහභාගී වීම සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
එම සැසිය බ්‍රහස්පතින්දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙරට විදේශ අමාත්‍යාංශ ලේකම්වරිය සහ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුළු දෙරටේ විශේෂ නියෝජිතයින් එම සැසියට සහභාගි වීමට නියමිතයි.
අද (31) පස්වරුවේ දිවයිනයට පැමිණෙන රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සොයා නිල සංචාරය අවසන් කරමින් ලබන සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.













