මඩකලපුව, කොක්කඩිචෝල පාළු ළිඳේ සිද්ධියට වත්තල ඖෂධහල් හිමිකරුවෙක් අත්අඩංගුවට

කාන්තාවක් පාළු ළිඳකට දමා ඝාතනය කර තවත් කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය 20 වන දින මඩකලපුව, කොක්කඩිචෝල පොලිස් ස්ථානයට වාර්තා වූ පාලු ළිඳකට දමා තිබිය දී කාන්තා මළ සිරුරක් හමුවීම හා එහි සිටි තවත් කාන්තාවකගේ දිවි බේරාගැනීමේ සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.

ඒ, අනුව දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වූ තොරතුරු මත පෙරේදා (29) දින මෙම ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු අදාළ සැකකරු කොක්කොඩිචෝල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 49ක වත්තල ප්‍රදේශයේ ඖෂධහල් හිමිකරුවෙක්‍.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ඊයේ (30) දින මඩකලපුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 03ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23