රජයේ දොස්තරලා හෙට උදෑසන සිට වර්ජනයක

හෙට (31) උදෑසන 08.00 සිට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය අද (30) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයට එළඹීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ.

හෙට (31) දිනයේ වැඩවර්ජනය පැවතිය ද රෝහල්වල හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !