නොරොච්චෝලෙන් පිටවන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට සැලැස්මක් හදන්න උපදෙස්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

විදුලිබල නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන්, විදුලිය නිපදවීමට එය භාවිත කිරීමේ දී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද කාරක සභාවේ දී අනාවරණය වුණා.

මේවා නිසි ලෙස බැහැර නොකළහොත් ඉදිරියේ දී පාරිසරික හානි සිදුවීමේ අවදානමක් පවතින බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලැස්ම සකස් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබාදෙනු ලැබුවා.

මේ අතර ඉවත් කරන ලද අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා භාවිත කිරීමේ හැකියාව අධ්‍යයනය කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම අදාළ බලාගාරයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවත් මෙහිදී යෝජනා වුණා.

ඊට අමතරව, නොරොච්චෝලේ බලාගාරයේ බලපෑමෙන් ජලය සහ වාතය දූෂණයට ලක් වී තිබේ ද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් කාරක සභාව විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හා අදාළ කරුණු සඳහා සති දෙකක් ඇතුළත වයඹ පළාත් පරිසර අධිකාරියට අදාළ ප්‍රතිචාර දක්වන ලෙස ද නිර්දේශ කළා.

මෙම බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, බලාගාරය තුළ භාවිත කරන පෙරහන් පද්ධතිය එම අංශු ඉවත් කිරීමට ප්‍රමාණවත් (අවශෝෂණය කිරීමට) බව නිරීක්ෂණය වන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් සඳහන්
කළා.

මෙහිදී එම බලාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු විවිධ කරුණු විස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22