2025.07.04 දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරි පත්වීම් සඳහා අයදුම්පත් කැඳවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලබන 04 වැනිදා දින දහවල් 12.00 බවයි අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත්තේ.
එම නියමිත කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවත් නියමිත අවසන් දිනයට පෙර අයදුම්පත් ඉදිරිපත් නොකරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාර නොගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













