ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ ඕස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි බෝධි ධම්ම විහාර භූමිය තුල වසර දෙකකට පෙර අති උත්කර්ෂවත් ලෙස රෝපණය කරන්නට යෙදුණ ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නාවේ වැඩ වසන, අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ අතිශය වැදගත්කමකින් යුතු වෘක්ෂයක් ලෙස ඕස්ට්‍රේලියානු උරුම ලැයිස්තුවට නම් කිරීමේ ඓතිහාසික මහෝත්සවය (National Trust Register of Significant Trees) පසුගියදා ඉතා ඉහලින් පවත්වා තිබෙනවා.

මේ සදහා බෝධි ධම්ම විහාරාධිකාරී, අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ සංඝයාවහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටියා.

ඔස්ට්‍රේලියානු ජාතික උරැම කමිටුවේ සභාපතිනී කොලට් බ්රෙනන් සහ බෙන්ඩිගෝ නගරාධිපති තෝමස් ප්‍රින්ස් ඇතුළු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන පිරිසක්ද මෙම අවස්ථාවට සහභගි වී සිටියා.

ආගමික වස්තුවක් ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුල උරැම ලැයිස්තුවට නම් කරනු ලැබු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ලංකාවෙන් එපිට බටහිර රටක බෝධින් වහන්සේට මෙවැනි පිලිගැනීමක් ලැබුනේ ද ප්‍රථම අවස්ථාවද බව අටමස්ථානාධිපති නායක හිමියන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !