පාසලේ ඇති වූ වලියට අත දැමූ ආදි සිසුවෙක් සහ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුලදී පාසල් සිසුන් පිරිසක් තවත් සිසුවෙක්ට පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් සැක පිට (28) දින අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා.

මීට සති තුනකට පමණ පෙර එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවත්, පසුව එම ගැටුමට පාසලේ ආදි ශිෂ්‍යෙයක් ද සම්බන්ධ වී ඇති බවයි හැටන් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එම සිද්ධිය පාසලේදි සමතයකට පත් විමේන් පසුව එම පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමෙන් පසු පහර කැමට ලක් වූයේ යැයි කියන සිසුවාගේ මව විසින් ඊයේ (28) දින පස්වරුවේ හැටන් පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධෆයන් විමර්ෂණ ආරම්භ කල හැටන් පොලිසියේ නිළධාරින් පහර දුන්නේ යැයි කියන සිසුන් දෙදෙනෙක් සහ ආදි සිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, පහර කෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා අද (29) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි හැටන් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.

  1. අප රට තුල ශිෂ්ඨසම්පන්න බව සහ ශීලචාර බව නැත්තටම නැතිවී චන්ඩි කම සහ අසාධාරනය රජවී ඇති කාලයක මෙවැනි දේ අනාගතයේ සිදුවනු ඇත.සිසුන්ට පහර දීම සිසුන් ගුරුවරුන්ට පහර දීම සහ දරුවන් දෙමාපියන්ට පහර දීම සිදු වන්නේය.සංස්කෘතිය නැත්තටම නැතිව යනු ඇත.මෙවනි දේ සිදුවන විට සොබා දහම පවා කෝපාවිෂ්ඨ පත් වනු ඇත.අස්වාභාවික විපත් සිදු වන්නේය.

    • ඒව නැවත ඇති නොවෙන්න තමා නිති තියෙන්නෙ ඒව හරියට තර තිරම.නොබලා දඩුවම් දෙනවනම් ඔහොම වෙන්නෙ නැ
      නැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40